Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #162 Translated in Sinhalese

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ جَمِيعًا الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرَسُولِهِ النَّبِيِّ الْأُمِّيِّ الَّذِي يُؤْمِنُ بِاللَّهِ وَكَلِمَاتِهِ وَاتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා සියළු දෙනා වෙත වූ අල්ලාහ්ගේ ධර්ම දූතයා වෙමි. අහස් හා පොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු හැර නැමදුමට වෙනත් සුදුස්සෙකු නොමැත. ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. එබැවින් නුඹලා යහමඟ ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ව ද ඔහු හා ඔහුගේ වදන් විශ්වාස කරන ඔහුගේ දූත උම්මි (ශාක්ෂරතාව නොදන්නා) නබිවරයාව ද විශ්වාස කරනු. තවද ඔහුව අනුගමනය කරනු යැයි (නබිවරය) නුඹ පවසනු.
وَمِنْ قَوْمِ مُوسَىٰ أُمَّةٌ يَهْدُونَ بِالْحَقِّ وَبِهِ يَعْدِلُونَ
මූසාගේ ජනයා අතරින් සත්‍යය අනුව යහමඟ පෙන්වන හා එමගින් යුක්තිය ඉටු කරන ප්‍රජාවක් වෙති.
وَقَطَّعْنَاهُمُ اثْنَتَيْ عَشْرَةَ أَسْبَاطًا أُمَمًا ۚ وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ إِذِ اسْتَسْقَاهُ قَوْمُهُ أَنِ اضْرِبْ بِعَصَاكَ الْحَجَرَ ۖ فَانْبَجَسَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَشْرَبَهُمْ ۚ وَظَلَّلْنَا عَلَيْهِمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْهِمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۚ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ
ගෝත්‍ර දොළොසක ප්‍රජාවක් බවට අපි ඔවුන් වෙන් කළෙමු. මූසාගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිය දී නුඹේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි ඔහුට දන්වා සිටියෙමු. එවිට උල්පත් දොළොසක් ඉන් මතු වී පිටාර ගැලීය. සෑම ජන කොට්ඨාසයක්ම ඔවුන් පැන් බොන ස්ථානය දැන ගත්තේය. තවද වලාකුළ ඔවුනට සෙවණැලි බවට පත් කළෙමු. තවද ඔවුන් වෙත මන්නු හා සල්වා (නම් ස්වර්ග ආහාර) පහළ කළෙමු. නුඹලාට අපි පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. තවද ඔවුහු අපට අපරාධ නොකළහ. එහෙත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියහ.
وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ ۚ سَنَزِيدُ الْمُحْسِنِينَ
තවද නුඹලා මෙම ගම්මානයේ පදිංචි වනු. තවද නුඹලා කැමති පරිදි ඉන් අනුභව කරනු. තවද නුඹලා හිත්තතුන් (පාපයෙන් ගැලවීම ලබා දෙනු) යැයි පවසනු. තවද එහි දොරටුවෙන් සිරස නමමින් ඇතුළු වනු. නුඹලාගේ වැරදි වලට අපි නුඹලාට සමාව දෙන්නෙමු. දැහැමියන්ට අපි අධික කර දෙන්නෙමු යැයි ඔවුනට පවසනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු.
فَبَدَّلَ الَّذِينَ ظَلَمُوا مِنْهُمْ قَوْلًا غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِجْزًا مِنَ السَّمَاءِ بِمَا كَانُوا يَظْلِمُونَ
ඔවුන් අතරින් අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ හැර වෙනත් ප්‍රකාශයක් වෙනස් කොට පැවසුවෝය. එබැවින් ඔවුන් අපරාධකරමින් සිටි හේතුවෙන් අහසින් දඬුවමක් අපි ඔවුන් වෙත එව්වෙමු.

Choose other languages: