Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #141 Translated in Sinhalese

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُوا يُسْتَضْعَفُونَ مَشَارِقَ الْأَرْضِ وَمَغَارِبَهَا الَّتِي بَارَكْنَا فِيهَا ۖ وَتَمَّتْ كَلِمَتُ رَبِّكَ الْحُسْنَىٰ عَلَىٰ بَنِي إِسْرَائِيلَ بِمَا صَبَرُوا ۖ وَدَمَّرْنَا مَا كَانَ يَصْنَعُ فِرْعَوْنُ وَقَوْمُهُ وَمَا كَانُوا يَعْرِشُونَ
දුර්වලයින් ලෙස සලකනු ලබමින් සිටී පිරිසට, මහපොළොවේ එහි අපි සමෘද්ධිය ඇති කළ නැගෙනහිර දිශාවන් හා බටහිර දිශාවන් උරුම කර දුනිමු. ඉස්රාඊල් දරුවන් ඉවසීමෙන් සිටි බැවින් නුඹේ පරමාධිපතිගේ අලංකාර වදන ඔවුන් කෙරෙහි පූර්ණවත් විය. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස සිදු කරමින් සිටි දෑ ද ඔවුන් උසට තනමින් සිටි දෑ ද අපි මුළුමණින්ම විනාශ කර දැමුවෙමු.
وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتَوْا عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰ أَصْنَامٍ لَهُمْ ۚ قَالُوا يَا مُوسَى اجْعَلْ لَنَا إِلَٰهًا كَمَا لَهُمْ آلِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ
ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසුව තමන් සතු පිළිමවලට නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.
إِنَّ هَٰؤُلَاءِ مُتَبَّرٌ مَا هُمْ فِيهِ وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ
නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵලය.
قَالَ أَغَيْرَ اللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى الْعَالَمِينَ
‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) විමසුවේය.
وَإِذْ أَنْجَيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනු(දරුව)න් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද එහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය.

Choose other languages: