Quran Apps in many lanuages:

Surah Al-Araf Ayahs #142 Translated in Sinhalese

وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتَوْا عَلَىٰ قَوْمٍ يَعْكُفُونَ عَلَىٰ أَصْنَامٍ لَهُمْ ۚ قَالُوا يَا مُوسَى اجْعَلْ لَنَا إِلَٰهًا كَمَا لَهُمْ آلِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ
ඉස්රාඊල් දරුවන් මුහුද තරණය කරන්නට අපි සැලැස්සුවෙමු. පසුව තමන් සතු පිළිමවලට නමදිමින් සිටින පිරිසක් වෙත ඔවුහු පැමිණියෝය. ‘අහෝ මූසා! ඔවුන් සතු ව ඇති දෙවියන් මෙන් දෙවියකු අප වෙනුවෙන් පත් කරනු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘සැබැවින්ම නුඹලා අඥානකමින් සිටින පිරිසකැ’යි ඔහු පැවසුවේය.
إِنَّ هَٰؤُلَاءِ مُتَبَّرٌ مَا هُمْ فِيهِ وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ
නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන් කවර විෂයක සිටියේ ද එය විනාශ වන්නකි. තවද ඔවුහු සිදු කරමින් සිටි දෑ ද නිෂ්ඵලය.
قَالَ أَغَيْرَ اللَّهِ أَبْغِيكُمْ إِلَٰهًا وَهُوَ فَضَّلَكُمْ عَلَى الْعَالَمِينَ
‘ලෝවැසියනට වඩා නුඹලා ව ඔහු උසස් කර තිබිය දී අල්ලාහ් නොවන දෑ ද මා නුඹලා වෙනුවෙන් සෙවිය යුත්තේ’ යැයි ඔහු (මූසා) විමසුවේය.
وَإِذْ أَنْجَيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ ۖ يُقَتِّلُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ ۚ وَفِي ذَٰلِكُمْ بَلَاءٌ مِنْ رَبِّكُمْ عَظِيمٌ
නුඹලාගේ පිරිමි දරුවන් ඝාතනය කර නුඹලාගේ ගැහැනු(දරුව)න් ජීවත් කරවා දඬුවමේ වේදනාව විඳවන්නට සැලැස් වූ ෆිර්අවුන්ගේ පැලැන්තියෙන් නුඹලාව මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු. තවද එහි නුඹලාගේ පරමාධිපතිගෙන් අති මහත්වූ පරීක්ෂණයක් විය.
وَوَاعَدْنَا مُوسَىٰ ثَلَاثِينَ لَيْلَةً وَأَتْمَمْنَاهَا بِعَشْرٍ فَتَمَّ مِيقَاتُ رَبِّهِ أَرْبَعِينَ لَيْلَةً ۚ وَقَالَ مُوسَىٰ لِأَخِيهِ هَارُونَ اخْلُفْنِي فِي قَوْمِي وَأَصْلِحْ وَلَا تَتَّبِعْ سَبِيلَ الْمُفْسِدِينَ
මූසාට අපි රාත්‍රී තිහක් ප්‍රතිඥා දුනිමු. තවද අපි එය (දින) දහයකින් පූර්ණවත් කළෙමු. ඒ අනුව ඔහුගේ පරමාධිපතිගේ නිශ්චිත කාලය රාත්‍රී හතළිහක් ලෙස සම්පූර්ණ විය. මාගේ සමූහයා අතර මා වෙනුවෙන් නුඹ නියෝජනය කරනු. තවද විධිමත් කරනු. තවද නුඹ කලහකාරීන්ගේ මඟ අනුගමනය නොකරනු යැයි මූසා ඔහුගේ සහෝදර හාරූන්ට කීවේය.

Choose other languages: