Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #57 Translated in Sinhalese

وَكَذَٰلِكَ فَتَنَّا بَعْضَهُمْ بِبَعْضٍ لِيَقُولُوا أَهَٰؤُلَاءِ مَنَّ اللَّهُ عَلَيْهِمْ مِنْ بَيْنِنَا ۗ أَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِالشَّاكِرِينَ
තවද අප අතරින් ඔවුන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක් විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙසය. කෘතවේදීන් පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?
وَإِذَا جَاءَكَ الَّذِينَ يُؤْمِنُونَ بِآيَاتِنَا فَقُلْ سَلَامٌ عَلَيْكُمْ ۖ كَتَبَ رَبُّكُمْ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۖ أَنَّهُ مَنْ عَمِلَ مِنْكُمْ سُوءًا بِجَهَالَةٍ ثُمَّ تَابَ مِنْ بَعْدِهِ وَأَصْلَحَ فَأَنَّهُ غَفُورٌ رَحِيمٌ
තවද අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණි විට නුඹලාට සලාම් (ශාන්තිය) යැයි නුඹ (ඔවුනට) පවසනු. නුඹලාගේ පරමාධිපති තමන් කෙරෙහි කරුණා ව නියම කර ගත්තේය. නියත වශයෙන්ම නුඹලා අතරින් කවරෙක් නොදැනුවත්කමින් යම් නපුරක් කොට ඉන් පසුව පසුතැවිලි වී හැඩ ගැසුණේද එවිට සැබැවින්ම ඔහු (අල්ලාහ්) අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය.
وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ
තවද අපි එම වදන් මෙලෙස පැහැදිලි කරන්නෙමු. තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිසත් (අපි මෙලෙස පැහැදිලි කරන්නෙමු.)
قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۚ قُلْ لَا أَتَّبِعُ أَهْوَاءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ
අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින්ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම පිළි නොපදිමි. එ(සේ කළ) විට මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතරින් ද නොවෙමි යැයි නුඹ පවසනු.
قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ ۚ مَا عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ الْحَقَّ ۖ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ
සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. නමුත් නුඹලා එය බොරු කළෙහුය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින්ම එය මා සතු ව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතුව නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨය.

Choose other languages: