Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #59 Translated in Sinhalese

وَكَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ وَلِتَسْتَبِينَ سَبِيلُ الْمُجْرِمِينَ
තවද අපි එම වදන් මෙලෙස පැහැදිලි කරන්නෙමු. තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිසත් (අපි මෙලෙස පැහැදිලි කරන්නෙමු.)
قُلْ إِنِّي نُهِيتُ أَنْ أَعْبُدَ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ ۚ قُلْ لَا أَتَّبِعُ أَهْوَاءَكُمْ ۙ قَدْ ضَلَلْتُ إِذًا وَمَا أَنَا مِنَ الْمُهْتَدِينَ
අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින්ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම පිළි නොපදිමි. එ(සේ කළ) විට මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතරින් ද නොවෙමි යැයි නුඹ පවසනු.
قُلْ إِنِّي عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَكَذَّبْتُمْ بِهِ ۚ مَا عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ ۚ إِنِ الْحُكْمُ إِلَّا لِلَّهِ ۖ يَقُصُّ الْحَقَّ ۖ وَهُوَ خَيْرُ الْفَاصِلِينَ
සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. නමුත් නුඹලා එය බොරු කළෙහුය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින්ම එය මා සතු ව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතුව නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨය.
قُلْ لَوْ أَنَّ عِنْدِي مَا تَسْتَعْجِلُونَ بِهِ لَقُضِيَ الْأَمْرُ بَيْنِي وَبَيْنَكُمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِالظَّالِمِينَ
“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතු ව ඇත්නම් මා අතර හා නුඹලා අතර වූ විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය” යැයි නුඹ පවසනු.
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ ۚ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ ۚ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
අදෘශ්‍යමාන දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. තවද ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොවේ අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් නොවී නැත.

Choose other languages: