Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #25 Translated in Sinhalese

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව ආදේශ කළවුන්ගෙන් නුඹලා (දෙවියන් යැයි) විශ්වාස කරමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ? යි අපි විමසන්නෙමු.
ثُمَّ لَمْ تَكُنْ فِتْنَتُهُمْ إِلَّا أَنْ قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ
පසුව, අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි ආදේශ තබන්නන් ලෙස නොසිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නොවීය.
انْظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنْفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
(නබිවරය!) තමන්ට ම එරෙහි ව ඔවුන් බොරු පවසනුයේ කෙසේ දැ? යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ඇත.
وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ ۖ وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِنْ يَرَوْا كُلَّ آيَةٍ لَا يُؤْمِنُوا بِهَا ۚ حَتَّىٰ إِذَا جَاءُوكَ يُجَادِلُونَكَ يَقُولُ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ
තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. නමුත් ඔවුනට එය නොවැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඔවුහු ඒවා විශ්වාස නොකරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයක් මිස වෙනකක් නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති.

Choose other languages: