Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #24 Translated in Sinhalese

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ ۘ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
අපි පුස්තකය පිරිනැමූ අය වනාහි ඔවුහු ඔවුන්ගේ දරුවන් හඳුනන්නාක් මෙන් මොහුව හඳුනති. ඔවුන්ට ම අලාභහානි කර ගත්තවුන් වනාහි ඔවුහු විශ්වාස නොකරති.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۗ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ
තවද අල්ලාහ් වෙත බොරු ගොතන්නාට හෝ ඔහුගේ වදන් බොරු කරන්නාට වඩා මහා අපරාධකරු කවුරුන් ද? සැබැවින්ම අපරාධකරුවෝ ජය නොලබති.
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا أَيْنَ شُرَكَاؤُكُمُ الَّذِينَ كُنْتُمْ تَزْعُمُونَ
තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව ආදේශ කළවුන්ගෙන් නුඹලා (දෙවියන් යැයි) විශ්වාස කරමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ? යි අපි විමසන්නෙමු.
ثُمَّ لَمْ تَكُنْ فِتْنَتُهُمْ إِلَّا أَنْ قَالُوا وَاللَّهِ رَبِّنَا مَا كُنَّا مُشْرِكِينَ
පසුව, අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි ආදේශ තබන්නන් ලෙස නොසිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නොවීය.
انْظُرْ كَيْفَ كَذَبُوا عَلَىٰ أَنْفُسِهِمْ ۚ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
(නබිවරය!) තමන්ට ම එරෙහි ව ඔවුන් බොරු පවසනුයේ කෙසේ දැ? යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුලා වී ඇත.

Choose other languages: