Quran Apps in many lanuages:

Surah Al-Anaam Ayahs #163 Translated in Sinhalese

إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ ۚ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ
සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි ඔවුන් අතරින් නුඹ කිසිදු කරුණක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ කරුණ අල්ලාහ් වෙතය. පසුව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වනු ඇත.
مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا ۖ وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَلَا يُجْزَىٰ إِلَّا مِثْلَهَا وَهُمْ لَا يُظْلَمُونَ
කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමිය. තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නොලබති.
قُلْ إِنَّنِي هَدَانِي رَبِّي إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ دِينًا قِيَمًا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا ۚ وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ
සැබැවින්ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. තවද සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතරින් නොවීය.
قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ
සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි යැයි (නබිවරය) නුඹ පවසනු.
لَا شَرِيكَ لَهُ ۖ وَبِذَٰلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ
ඔහුට කිසිදු හවුල්කරුවකු නොමැත. තවද ඒ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.

Choose other languages: