Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #165 Translated in Sinhalese

وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ ۚ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
වංචා කිරීම කිසිදු නබිවරයෙකුට (සුදුසු) නොවීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙනු ඇත. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබනු ඇත.
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළේ කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරය ය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.
هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
أَوَلَمَّا أَصَابَتْكُمْ مُصِيبَةٌ قَدْ أَصَبْتُمْ مِثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِنْدِ أَنْفُسِكُمْ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලාට දුෂ්කර තත්ත්වයක් ඇති වූ කල්හි ඒ හා සමාන දෙගුණයක් (බදිර් හි) නුඹලා අත් වින්දෙහුය. මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා (ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

Choose other languages: