Quran Apps in many lanuages:

Surah Aal-E-Imran Ayahs #164 Translated in Sinhalese

إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලා ව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසු ව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද? තවද විශ්වාස කළවුන් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.
وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ ۚ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
වංචා කිරීම කිසිදු නබිවරයෙකුට (සුදුසු) නොවීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙනු ඇත. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබනු ඇත.
أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللَّهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللَّهِ وَمَأْوَاهُ جَهَنَّمُ ۚ وَبِئْسَ الْمَصِيرُ
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළේ කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරය ය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.
هُمْ دَرَجَاتٌ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝ ඔවුහු ය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.

Choose other languages: