Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #130 Translated in Sinhalese

قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ
එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහිය. එලෙසම අද දින නුඹ ව අමතක කරනු ලබනු ඇතැයි ඔහු (අල්ලාහ්) පවසයි.
وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ
තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය. තවද මතුලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය.
أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ
ඔවුනට ඔහු මග පෙන්වීම් නොකළේ ද? ඔවුනට පෙර තම වාසස්ථාන වල ගමන් කරමින් සිටි පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමුද? නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.
وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى
නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නොවූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ
එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.

Choose other languages: