Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #133 Translated in Sinhalese

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى
නුඹගේ පරමාධිපතිගෙන් වූ නියමයක් හා නියමිත කාලයක් පෙරටු නොවූයේ නම් එය (විනාශය එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි.
فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ
එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර, එය අවරට යාමට පෙර හා රාත්රී කාලයේ ද සුවිශුද්ධ කරනු. තවද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.
وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ
තවද අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ නෙත් යොමු නොකරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්රේෂ්ඨය. තවද වඩාත් ස්ථායී ය.
وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ
තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද (එහි ඇති වන දුෂ්කරතා) ඉවසීමෙන් දරා ගනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමත්භාවයටය.
وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ
තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙනවිත් තිබිය යුතු නොවේද? යැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් ලේඛනයන්හි ඇති දෑහි පැහැදිළි සංඥාවක් ඔවුන් වෙත නොපැමිණියේද?

Choose other languages: