Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #123 Translated in Sinhalese

وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ
තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොසිටින අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلَىٰ
ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේය. අහෝ ආදම්! සදා ජීවත් කරවන ගසක් හා විනාශ වී නොයන රාජධානියක් පිළිබඳ ව මම නුඹට දන්වන්නෙම්දැයි විමසීය.
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ
එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. එහෙයින් ඔහු නොමග ගියේය.
ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ
පසු ව ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු (පශ්චාත්තාපය පිළිගෙන) සමාව දුන්නේය. තවද මග පෙන්වීය.
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ
නුඹලා දෙදෙනා ම පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්යවන්ත නොවනු ඇත.

Choose other languages: