Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #119 Translated in Sinhalese

وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا
තවද මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් ගත්තෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ
තවද ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝය. නමුත් ඔහු පිටුපෑවේය.
فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ
එවිට අහෝ ආදම්! නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ
නියත වශයෙන්ම නුඹ එහි කුසගින්නෙන් නොසිටින අතර තවද නිරුවතින් ද නොසිටිනු ඇත.
وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ
තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොසිටින අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.

Choose other languages: