Quran Apps in many lanuages:

Surah Ta-Ha Ayahs #121 Translated in Sinhalese

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ
එවිට අහෝ ආදම්! නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ සහකාරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්යවන්ත වනු ඇත යැයි අපි පැවසුවෙමු.
إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ
නියත වශයෙන්ම නුඹ එහි කුසගින්නෙන් නොසිටින අතර තවද නිරුවතින් ද නොසිටිනු ඇත.
وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ
තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොසිටින අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.
فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلَىٰ
ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේය. අහෝ ආදම්! සදා ජීවත් කරවන ගසක් හා විනාශ වී නොයන රාජධානියක් පිළිබඳ ව මම නුඹට දන්වන්නෙම්දැයි විමසීය.
فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ
එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝය. තවද ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. එහෙයින් ඔහු නොමග ගියේය.

Choose other languages: