Quran Apps in many lanuages:

Surah Ibrahim Ayahs #17 Translated in Sinhalese

وَقَالَ الَّذِينَ كَفَرُوا لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُمْ مِنْ أَرْضِنَا أَوْ لَتَعُودُنَّ فِي مِلَّتِنَا ۖ فَأَوْحَىٰ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ
තවද සැබැවින්ම අපි නුඹලා ව අපගේ ප්‍රදේශයෙන් පිටුවහල් කරන්නෙමු. එසේ නැතහොත් නුඹලා අපගේ පිළිවෙත තුළට නැවත පැමිණිය යුතුය යැයි ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රසූල්වරුන්ට පැවසූහ. එහෙයින් ඔවුන්ගේ පරමාධිපති සැබැවින්ම අපි අපාරධකරුවන් විනාශ කරන්නෙමු යැයි ඔවුනට දන්වා සිටියේය.
وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِنْ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِي وَخَافَ وَعِيدِ
තවද ඔවුන්ගෙන් පසුව අපි නුඹලා ව එම ප්‍රදේශයේ පදිංචි කරවන්නෙමු. එය මා ඉදිරියේ (විනිශ්චය සඳහා) සිට ගැනීමට බිය වූවන් හා මාගේ අවවාදයට බිය වූවන් හටය.
وَاسْتَفْتَحُوا وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍ
තවද ඔවුහු ජය පැතූහ. තවද මුරණ්ඩුකම් පෑ සාහසික සෑම කෙනෙකුම විනාශයට පත් විය.
مِنْ وَرَائِهِ جَهَنَّمُ وَيُسْقَىٰ مِنْ مَاءٍ صَدِيدٍ
ඔහු පසුපස නිරය ඇත. තවද සැරව දියෙන් ඔහුට පොවනු ලැබේ.
يَتَجَرَّعُهُ وَلَا يَكَادُ يُسِيغُهُ وَيَأْتِيهِ الْمَوْتُ مِنْ كُلِّ مَكَانٍ وَمَا هُوَ بِمَيِّتٍ ۖ وَمِنْ وَرَائِهِ عَذَابٌ غَلِيظٌ
ඔහු ටිකින් ටික එය ගිලයි. නමුත් එය පහසුවෙන් ගිලගන්නට අපොහොසත් වෙයි. (එවිට) සෑම තැනකින්ම ඔහු වෙත මරණය පැමිණෙයි. නමුත් ඔහු මිය යන්නෙකු නොවනු ඇත. ඔහු පසුපසින් දැඩි දඬුවමක් ඇත.

Choose other languages: