Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #84 Translated in Sinhalese

وَلَكُمْ فِيهَا مَنَافِعُ وَلِتَبْلُغُوا عَلَيْهَا حَاجَةً فِي صُدُورِكُمْ وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ
තවද නුඹලාට එහි ප්‍රයෝජන ද ඇත. තවද නුඹලාගේ හදවත් තුළ ඇති අවශ්යතා ඒවා වෙතින් ලබා ගනු පිණිසත් (ඇති කළේ අල්ලාහ්ය.) තවද ඒවා මත හා නැව් මත නුඹලා උසුලනු ලබන්නෙහුය.
وَيُرِيكُمْ آيَاتِهِ فَأَيَّ آيَاتِ اللَّهِ تُنْكِرُونَ
ඔහුගේ සංඥා ඔහු නුඹලාට පෙන්වයි. එවිට නුඹලා හෙළා දකිනුයේ අල්ලාහ්ගේ කවර සංඥාවන් ද?
أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَكْثَرَ مِنْهُمْ وَأَشَدَّ قُوَّةً وَآثَارًا فِي الْأَرْضِ فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
ඔවුහු මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි අධීක්ෂණය නොකළෝද? මොවුනට වඩා ඔවුහු මහපොළොවේ බලයෙන් සහ (හැර දමා ගිය) සලකුණු වලින් ඉතා බලවත් හා අධික වූවෝය. නමුත් ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.
فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِنْدَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.

Choose other languages: