Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #85 Translated in Sinhalese

فَلَمَّا جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ فَرِحُوا بِمَا عِنْدَهُمْ مِنَ الْعِلْمِ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
එවිට ඔවුන් වෙත ඔවුන්ගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග පැමිණි කල්හි, තමන් ළඟ තිබෙන දැනුම ගැන ඔවුහු (අහංකාරයෙන් යුතු ව) සතුටු වූහ. තවද ඔවුන් කවර දෙයක් පිළිබඳ සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් වටකර ගත්තේය.
فَلَمَّا رَأَوْا بَأْسَنَا قَالُوا آمَنَّا بِاللَّهِ وَحْدَهُ وَكَفَرْنَا بِمَا كُنَّا بِهِ مُشْرِكِينَ
එවිට අපගේ දඬුවම ඔවුන් දුටු කල්හි “අපි අල්ලාහ් වන ඔහු පමණක් විශ්වාස කළෙමු. අපි කවර දෙයක් ආදේශ කරන්නන් ලෙස සිටියෙමු ද එය අපි ප්‍රතික්ෂේප කළෙමු” යැයි ඔවුහු පවසනු ඇත.
فَلَمْ يَكُ يَنْفَعُهُمْ إِيمَانُهُمْ لَمَّا رَأَوْا بَأْسَنَا ۖ سُنَّتَ اللَّهِ الَّتِي قَدْ خَلَتْ فِي عِبَادِهِ ۖ وَخَسِرَ هُنَالِكَ الْكَافِرُونَ
නමුත් ඔවුන් අපගේ දඬුවම දුටු කල්හි ඔවුන්ගේ විශ්වාසය ඔවුනට ප්‍රයෝජනවත් නොවීය. (එය) තම ගැත්තන් අතරෙහි ඉකුත් ව ගිය අල්ලාහ්ගේ පිළිවෙතය. එහිදී දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ පරාජිත වූවෝය.

Choose other languages: