Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #74 Translated in Sinhalese

الَّذِينَ كَذَّبُوا بِالْكِتَابِ وَبِمَا أَرْسَلْنَا بِهِ رُسُلَنَا ۖ فَسَوْفَ يَعْلَمُونَ
ඔවුන් වනාහි, ධර්ම ග්‍රන්ථය හා අප කවර දෙයක් සමග අපගේ ධර්ම දූතවරු එව්වෙමු ද එය බොරුකළවුන්ය. එහෙත් ඔවුහු මතු දැන ගනු ඇත.
إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
නටන ජලයෙහි. පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ
පසු ව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?” යි ඔවුනට පවසනු ලැබේ.
مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
අල්ලාහ්ගෙන් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.

Choose other languages: