Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #75 Translated in Sinhalese

إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ
එවිට ඔවුන්ගේ ගෙලවල් වල විලංගු හා දම්වැල් තිබේ. ඔවුන් හෙළනු ලබති.
فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ
නටන ජලයෙහි. පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.
ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ
පසු ව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?” යි ඔවුනට පවසනු ලැබේ.
مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
අල්ලාහ්ගෙන් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.
ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ
එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ.

Choose other languages: