Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #77 Translated in Sinhalese

ثُمَّ قِيلَ لَهُمْ أَيْنَ مَا كُنْتُمْ تُشْرِكُونَ
පසු ව “නුඹලා ආදේශ කරමින් සිටි දෑ කොහේදැ?” යි ඔවුනට පවසනු ලැබේ.
مِنْ دُونِ اللَّهِ ۖ قَالُوا ضَلُّوا عَنَّا بَلْ لَمْ نَكُنْ نَدْعُو مِنْ قَبْلُ شَيْئًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ الْكَافِرِينَ
අල්ලාහ්ගෙන් හැර දමා (ආදේශ කරමින් සිටි දෑ කොහේද?) “ඔවුන් අපගෙන් මුළා වී ඇත. නමුදු මීට පෙර අපි කිසිවක් ඇරයුම් කරමින් නොසිටියෙමු” යැයි ඔවුහු පවසති. එලෙසය ප්‍රතික්ෂේප කරන්නන්ව අල්ලාහ් නොමග යන්නට හරිනුයේ.
ذَٰلِكُمْ بِمَا كُنْتُمْ تَفْرَحُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَبِمَا كُنْتُمْ تَمْرَحُونَ
එය, යුක්තියෙන් තොර ව මහපොළොවේ නුඹලා සතුටු වෙමින් සිටි බැවින් ද නුඹලා ගර්වයෙන් කටයුතු කළ බැවින් ද වේ.
ادْخُلُوا أَبْوَابَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۖ فَبِئْسَ مَثْوَى الْمُتَكَبِّرِينَ
නුඹලා එහි සදාතනිකයින් ලෙසින් නිරයේ දොරටු වලට ඇතුළු වනු. උඩඟුවූවන්ගේ නවාතැන නපුරු විය.
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۚ فَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا يُرْجَعُونَ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් සැබැවින්ම අපි නුඹට පෙන්වනුයේ අප ඔවුනට ප්‍රතිඥා දුන් දෑ හි සමහරක් පමණි. එසේ නැතහොත්, අපි නුඹ මරණයට පත් කරන්නෙමු. පසුව ඔවුන් නැවත යොමු කරනු ලබනුයේ අප වෙතමය.

Choose other languages: