Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #55 Translated in Sinhalese

إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරමු.
يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත.
وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىٰ وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු.
هُدًى وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද නුඹේ පාපය සඳහා නුඹ සමාව අයදිනු. තවද නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.

Choose other languages: