Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #57 Translated in Sinhalese

وَلَقَدْ آتَيْنَا مُوسَى الْهُدَىٰ وَأَوْرَثْنَا بَنِي إِسْرَائِيلَ الْكِتَابَ
තවද අපි සැබැවින්ම මූසාට යහමග පිරිනැමුවෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ධර්ම ග්‍රන්ථය උරුම කළෙමු.
هُدًى وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ
(එය) ප්‍රබුද්ධිමත් අයට මග පෙන්වීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.
فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ بِالْعَشِيِّ وَالْإِبْكَارِ
එහෙයින් (නබිවරය!) නුඹ ඉවසනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද නුඹේ පාපය සඳහා නුඹ සමාව අයදිනු. තවද නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සවස් කාලයේ හා උදෑසන පිවිතුරු කරනු.
إِنَّ الَّذِينَ يُجَادِلُونَ فِي آيَاتِ اللَّهِ بِغَيْرِ سُلْطَانٍ أَتَاهُمْ ۙ إِنْ فِي صُدُورِهِمْ إِلَّا كِبْرٌ مَا هُمْ بِبَالِغِيهِ ۚ فَاسْتَعِذْ بِاللَّهِ ۖ إِنَّهُ هُوَ السَّمِيعُ الْبَصِيرُ
නියත වශයෙන්ම තමන් වෙත පැමිණි කිසිදු අධිකාරී බලයක් නොතිබිය දී අල්ලාහ්ගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් වන ඔවුන්ගේ සිත් තුළ උඩඟුකම මිස වෙනෙකක් නැත. ඔවුහු එය ලබන්නන් නොවෙති. එහෙයින් නුඹ අල්ලාහ්ගෙන් ආරක්ෂාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
لَخَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَكْبَرُ مِنْ خَلْقِ النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
මිනිසා මැවීමට වඩා අහස් හා මහපොළොව මැවීම අති මහත්ය. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.

Choose other languages: