Quran Apps in many lanuages:

Surah Ghafir Ayahs #52 Translated in Sinhalese

قَالَ الَّذِينَ اسْتَكْبَرُوا إِنَّا كُلٌّ فِيهَا إِنَّ اللَّهَ قَدْ حَكَمَ بَيْنَ الْعِبَادِ
“නියත වශයෙන්ම අපි සියල්ලෝම සිටින්නේ එහිය. නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් අතර තීන්දු දී ඇතැ”යි උඩඟු වූවෝ පවසති.
وَقَالَ الَّذِينَ فِي النَّارِ لِخَزَنَةِ جَهَنَّمَ ادْعُوا رَبَّكُمْ يُخَفِّفْ عَنَّا يَوْمًا مِنَ الْعَذَابِ
තවද “දිනකට අපෙන් දඬුවම සැහැල්ලු කරන මෙන් නුඹලා නුඹලාගේ පරමාධිපතිට කන්නලව් කරනු.” යැයි (නිරා) ගින්නේ සිටින්නෝ නිරයේ භාරකරුවන්ට පවසති.
قَالُوا أَوَلَمْ تَكُ تَأْتِيكُمْ رُسُلُكُمْ بِالْبَيِّنَاتِ ۖ قَالُوا بَلَىٰ ۚ قَالُوا فَادْعُوا ۗ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ
“නුඹලාගේ ධර්ම දූතවරුන් පැහැදිලි සාධක සමග නොපැමිණියේ දැ”යි ඔවුහු විමසති. “එසේය” යැයි ඔවුහු පවසති. “එසේ නම් නුඹලා ඇරයුම් කරනු” යැයි ඔවුහු කියති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ඇරයුම මුළාවෙහි මිස නැත.
إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا وَيَوْمَ يَقُومُ الْأَشْهَادُ
මෙලොව ජීවිතයේ හා සාක්ෂිකරුවෝ නැගී සිටින (මතු ලොව) දිනයෙහි සැබැවින්ම අපි අපගේ ධර්ම දූතවරුන්ට හා විශ්වාස කළවුන්ට උදව් කරමු.
يَوْمَ لَا يَنْفَعُ الظَّالِمِينَ مَعْذِرَتُهُمْ ۖ وَلَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ
එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු පැවසීම ඵලක් නොවනු ඇත. තවද ඔවුනට ශාපය ඇත. එමෙන්ම නපුරු නිවහනද ඔවුනට ඇත.

Choose other languages: