Quran Apps in many lanuages:

Surah Fussilat Ayahs #13 Translated in Sinhalese

قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَنْدَادًا ۚ ذَٰلِكَ رَبُّ الْعَالَمِينَ
දින දෙකක් තුළ මහපොළොව මැවූ ඔහු ව නුඹලා ප්‍රතික්ෂේප කොට නුඹලා ඔහුට සමානයන් තබන්නෙහු ද? ලෝකයන්හි පරමාධිපති ඔහුය යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَجَعَلَ فِيهَا رَوَاسِيَ مِنْ فَوْقِهَا وَبَارَكَ فِيهَا وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا فِي أَرْبَعَةِ أَيَّامٍ سَوَاءً لِلسَّائِلِينَ
තවද ඊට ඉහළින් එහි (පොළොවෙහි) කඳු ඇති කළේය. තවද එහි සමෘද්ධිය ඇති කළේය. දින හතරක් තුළ පෝෂණ සම්පත් නිර්ණය කළේය. මෙය ඒ ගැන විමසන්නන් හට සරිලන පිළිතුරකි.
ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ائْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ
පසු ව ඔහු අහස දෙසට යොමු විය. එය දුමක් මෙන් තිබීය. එවිට “ඔබ දෙදෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ පැමිණෙනුයි” එයට හා මහපොළොවට ඔහු පැවසීය. “අපි අවනත වන්නන් ලෙසින් පැමිණියෙමු” යැයි ඒ දෙක පැවසීය.
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
පසු ව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේය. තවද සෑම අහසකටම එහි න්යායය දන්වා සිටියේය. තවද පහළ අහස අපි පහන් මගින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි.
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ
එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.

Choose other languages: