Surah Fussilat Ayahs #16 Translated in Sinhalese
فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَىٰ فِي كُلِّ سَمَاءٍ أَمْرَهَا ۚ وَزَيَّنَّا السَّمَاءَ الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ
පසු ව ඒවා දින දෙකක් තුළ අහස් හතක් ලෙස පූර්ණවත් කළේය. තවද සෑම අහසකටම එහි න්යායය දන්වා සිටියේය. තවද පහළ අහස අපි පහන් මගින් අලංකාරවත් කළෙමු. තවද (එය) ආරක්ෂාවක් වශයෙනි. එය සර්ව ඥානී සර්ව බලධාරියාණන්ගේ නිර්ණය කිරීමයි.
فَإِنْ أَعْرَضُوا فَقُلْ أَنْذَرْتُكُمْ صَاعِقَةً مِثْلَ صَاعِقَةِ عَادٍ وَثَمُودَ
එහෙයින් ඔවුහු පිටුපැවේ නම්, “ආද් හා සමූද් ජනයාගේ අකුණු දඬුවම මෙන් අකුණු දඬුවමක් ගැන මම නුඹලාට අවවාද කර සිටිමි” යැයි (නබිවරය!) නුඹ පවසනු.
إِذْ جَاءَتْهُمُ الرُّسُلُ مِنْ بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ قَالُوا لَوْ شَاءَ رَبُّنَا لَأَنْزَلَ مَلَائِكَةً فَإِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ
“නුඹලා අල්ලාහ්ට හැර වෙනත් කිසිවකුට නැමදුම් නොකරනු” යැයි පවසමින් ඔවුනට ඉදිරියෙන් ද ඔවුනට පසු පසින් ද ධර්ම දූතවරුන් ඔවුන් වෙත පැමිණි අවස්ථාවේ, “අපගේ පරමාධිපති අභිමත කළේ නම් මලක්වරුන් ඔහු පහළ කරන්නට තිබුණි. එහෙයින් නමුත් නුඹලා කවර කරුණක් සමග එවනු ලැබුවෙහු ද නියත වශයෙන්ම අපි එය ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු” යැයි ඔවුහු පැවසුවෝය.
فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً ۖ أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً ۖ وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ
ආද් ජනයා වූ කලී යුක්තියෙන් තොර ව ඔවුහු මහපොළොවේ උඩඟුකම් පෑවෝය. “අපට වඩා බලයෙන් දැඩි වූවෝ කවුරුන්දැයි” ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම ඔවුන් මැවූ අල්ලාහ් ඔවුනට වඩා බලයෙන් ඉතා දැඩි බව ඔවුහු නොදුටුවෝද? තවද ඔවුහු අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කරමින් සිටියෝය.
فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي أَيَّامٍ نَحِسَاتٍ لِنُذِيقَهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَخْزَىٰ ۖ وَهُمْ لَا يُنْصَرُونَ
එවිට මෙලොව ජීවිතයේ නින්දිත දඬුවම අප ඔවුනට භුක්ති විඳවනු පිණිස අසුබ දිනයන්හි දැඩි හඬ සහිත සුළි සුළඟක් අපි ඔවුන් වෙත එව්වෙමු. තවද මතු ලොව දඬුවම වඩාත් නින්දනීයය. තවද ඔවුහු උදව් කරනු නොලබති.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
