Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #67 Translated in Sinhalese

أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَنْ يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? මහත් වූ අවමානය එයයි.
يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ
තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවෙහි නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳවත් දැයි (නබිවරය!) නුඹ අසනු.
لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ ۚ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ
නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලාගේ විශ්වාසයෙන් පසු ව සැබැවින්ම නුඹලා ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටි බැවිනි.
الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُمْ مِنْ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنْكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ
කුහකයෝ හා කුහක කාන්තාවෝ, ඔවුන් ඇතැමෙකු ඇතමෙකුගෙන් ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නොකර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ් ව අමතක කළෝය. එබැවින් ඔහු ද ඔවුන් ව අමතක කර දැමීය. නියත වශයෙන්ම කුහකයින් වන ඔවුහුමය පාපතරයින් වන්නෝ.

Choose other languages: