Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #66 Translated in Sinhalese

يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَنْ يُرْضُوهُ إِنْ كَانُوا مُؤْمِنِينَ
ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරවනු පිණිස නුඹලා ඉදිරියේ අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් ඔවුහු තෘප්තියට පත් කරවීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.
أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَنْ يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ
කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? මහත් වූ අවමානය එයයි.
يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ
ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. "නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බියවෙමින් සිටින දෑ හෙළි කරන්නේය" යැයි (නබිවරය!) නුඹ පවසනු.
وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ
තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවෙහි නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳවත් ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳවත් දැයි (නබිවරය!) නුඹ අසනු.
لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ ۚ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ
නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලාගේ විශ්වාසයෙන් පසු ව සැබැවින්ම නුඹලා ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටි බැවිනි.

Choose other languages: