Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #37 Translated in Sinhalese

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම ඉස්මතු කරනු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් ව එව්වේ ඔහුමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ
එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබ පසුව "මේවා නුඹලා නිධන් ගත කළ දෑය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු" (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද එමඟින් මදිනු ලැබේ.
إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු ධර්මතාව වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. තවද දේව ආදේශකයින් නුඹලා සමඟ ඒකාබද්ධව යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ ඒකාබද්ධව යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු.
إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
නියත වශයෙන්ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යවනු ලබති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණනට සීරුමාරු කිරීම පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාට මඟ නොපෙන්වයි.

Choose other languages: