Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #40 Translated in Sinhalese

إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු ධර්මතාව වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. තවද දේව ආදේශකයින් නුඹලා සමඟ ඒකාබද්ධව යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ ඒකාබද්ධව යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු.
إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
නියත වශයෙන්ම (තහනම් කළ මාස සිතූ මනාපයට) කල් දැමීම, දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යවනු ලබති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණනට සීරුමාරු කිරීම පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේවත්වය ප්‍රතික්ෂේප කරන ජනයාට මඟ නොපෙන්වයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූයෙහුය. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස වෙනකක් නැත.
إِلَّا تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ලෙන එයි. තවද නුඹලා විසින් ඔහුට කිසිවකින් හානියක් සිදු කිරීමට නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තියවන්ත ය.
إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ
නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත්, දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත්, ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් "නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟය" යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත්, සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය; ප්‍රඥාවන්තය.

Choose other languages: