Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #36 Translated in Sinhalese

يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය පූර්ණවත් නොකර අත හැර නොදමයි.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම ඉස්මතු කරනු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් ව එව්වේ ඔහුමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ
එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබ පසුව "මේවා නුඹලා නිධන් ගත කළ දෑය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු" (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද එමඟින් මදිනු ලැබේ.
إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ
නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු ධර්මතාව වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. තවද දේව ආදේශකයින් නුඹලා සමඟ ඒකාබද්ධව යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ ඒකාබද්ධව යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු.

Choose other languages: