Quran Apps in many lanuages:

Surah At-Tawba Ayahs #34 Translated in Sinhalese

وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ
උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුව වචනින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වෙති. අල්ලාහ් ඔවුන් ව විනාශ කරත්වා! ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ
අල්ලාහ්ගෙන් තොරව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. එකම දෙවිඳුන්ට නැමදුම් කරනු මෙන් හැර වෙනත් දෙයක් ඔවුහු අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.
يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය තම මුවින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයෝ පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය පූර්ණවත් නොකර අත හැර නොදමයි.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම ඉස්මතු කරනු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ ඔහුගේ දූතයාණන් ව එව්වේ ඔහුමය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද රන් රිදී ගොඩ ගසා අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරන අය වනාහි වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

Choose other languages: