Quran Apps in many lanuages:

Surah At-Talaq Ayahs #11 Translated in Sinhalese

لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا
වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! අල්ලාහ් ලබා දී ඇති දැයට වඩා වැඩියෙන් (දෙන මෙන්) කිසිවෙකුට හෝ බල කරන්නේ නැත. දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරයි.
وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا
තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.
فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا
එවිට එය එහි විෂයෙහි විපාකය භුක්ති වින්දේය. තවද එහි විෂයෙහි අවසානය පරාජයක් විය.
أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا
අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කර ඇත. එහෙයින් දේවත්වය විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත.
رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا
විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරන රසූල්වරයකු ද (පහළ කළේය.) කවරෙකු අල්ලාහ් ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහු ව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන් වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහටම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේය.

Choose other languages: