Quran Apps in many lanuages:

Surah As-Saff Ayahs #11 Translated in Sinhalese

وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَىٰ إِلَى الْإِسْلَامِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَارَةٍ تُنْجِيكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?
تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ
(එය) නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කිරීමය. නුඹලාගේ ධනය හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයෙහි කැප කිරීමය. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.

Choose other languages: