Quran Apps in many lanuages:

Surah As-Saff Ayahs #10 Translated in Sinhalese

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُمْ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِنْ بَعْدِي اسْمُهُ أَحْمَدُ ۖ فَلَمَّا جَاءَهُمْ بِالْبَيِّنَاتِ قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ
තවද “ඉස්රාඊල් දරුවනි! මා ඉදිරියේ ඇති තව්රාතය තහවුරු කරන්නෙකු ලෙසින් ද මගෙන් පසු ව පැමිණෙන තම නාමය අහ්මද් නමැති (මුහම්මද් නම්) දූතයෙකු ගැන ශුභාරංචි දන්වන්නෙකු ලෙසින් ද මම නුඹලා වෙත පැමිණ ඇති අල්ලාහ්ගේ දූතයෙකු වෙමි” යැයි, මර්යම්ගේ පුත් ඊසා පැවසූ අවස්ථා ව සිහියට නගනු. නමුත් ඔවුන් වෙත පැහැදිලි සාධක සමග ඔහු පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමකි යැයි ඔවුහු පැවසූහ.
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ الْكَذِبَ وَهُوَ يُدْعَىٰ إِلَى الْإِسْلَامِ ۚ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ
තවද ඉස්ලාමය වෙත ඇරයුම් කරනු ලබමින් සිටිය දී අල්ලාහ් වෙත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙකු ද? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.
يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
අල්ලාහ්ගේ ආලෝකය ඔවුන් ඔවුන්ගේ මුඛවල් වලින් (පිඹ) නිවා දැමීමට අපේක්ෂා කරති. තවද දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම අලෝකය පූර්ණවත් කරන්නාය.
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
දේව ආදේශකයින් පිළිකුල් කළ ද යහමග හා සත්‍යය දහම සමග එය සියලු දහම් වලට වඩා ප්‍රකට කරනු පිණිස තම දූතයාණන් (මුහම්මද්) එවා සිටියේ ඔහුය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَىٰ تِجَارَةٍ تُنْجِيكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! වේදනීය දඬුවමකින් නුඹලා ව ආරක්ෂා කරන ව්යාපාරයක් මම නුඹලාට පෙන්වා දෙන්න ද?

Choose other languages: