Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #45 Translated in Sinhalese

ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ
මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ
මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ යැයි (නබිවරය!) නුඹ පවසනු.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.
مَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنْفُسِهِمْ يَمْهَدُونَ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.
لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. නියත වශයෙන්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්රිය නොකරයි.

Choose other languages: