Quran Apps in many lanuages:

Surah Ar-Rum Ayahs #47 Translated in Sinhalese

فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ
එහෙයින් එය වැළැක්විය නොහැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ස්ථාපිත කරනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.
مَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنْفُسِهِمْ يَمْهَدُونَ
කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුටම එරෙහිවය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.
لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ
විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. නියත වශයෙන්ම ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ප්රිය නොකරයි.
وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්යයෙන් නුඹලා (වස්තූන්) සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් (වර්ෂාවට පෙර) ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතරිනි.
وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ
තවද ඔබට පෙර ද ධර්ම දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. තවද දේවත්වය විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.

Choose other languages: