Quran Apps in many lanuages:

Surah Ar-Rad Ayahs #40 Translated in Sinhalese

وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ
තවද අප විසින් දේව ග්‍රන්ථය පිරිනැමුවේ කවුරුන් වෙතද ඔවුහු නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව සතුටු වෙති. එම කණ්ඩායම් අතරින් එයින් සමහර දෑ ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට නැමදුම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම ඇරයුම් කරමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.
وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ
එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොවනු ඇත.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ
තවද සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම (නියමිත) දේව ග්‍රන්ථයක් විය.
يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ
අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) ස්ථීර කරයි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියසය.
وَإِنْ مَا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ
තවද අප ඔවුනට ප්‍රතිඥා කරන ඇතැමක් නුඹට අපි පෙන්වූව ද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට දූත මෙහෙවර) දන්වා සිටීම පමණි. තවද විනිශ්චය කිරීම අපගේ වගකීමය.

Choose other languages: