Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #50 Translated in Sinhalese

لَقَدْ أَنْزَلْنَا آيَاتٍ مُبَيِّنَاتٍ ۚ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද අපි පැහැදිලි වදන් සැබැවින්ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِنْهُمْ مُعْرِضُونَ
තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ
وَإِنْ يَكُنْ لَهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ
තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.
أَفِي قُلُوبِهِمْ مَرَضٌ أَمِ ارْتَابُوا أَمْ يَخَافُونَ أَنْ يَحِيفَ اللَّهُ عَلَيْهِمْ وَرَسُولُهُ ۚ بَلْ أُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
ඔවුන්ගේ හදවත් තුළ රෝගයක් ද? එසේ නැතහොත් ඔවුහු සැක කළෝද? එසේත් නැතහොත් ඔවුනට එරෙහි ව අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අසාධාරණයක් කරතැයි ඔවුහු බිය වෙත්ද? එසේ නොව අපරාධකරුවෝ ඔවුහුමය.

Choose other languages: