Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #49 Translated in Sinhalese

وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِنْ مَاءٍ ۖ فَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.
لَقَدْ أَنْزَلْنَا آيَاتٍ مُبَيِّنَاتٍ ۚ وَاللَّهُ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
තවද අපි පැහැදිලි වදන් සැබැවින්ම පහළ කළෙමු. තවද අල්ලාහ් ඔහු අභිමත කරන අයට ඍජු මාවත වෙත මග පෙන්වනු ඇත.
وَيَقُولُونَ آمَنَّا بِاللَّهِ وَبِالرَّسُولِ وَأَطَعْنَا ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ مِنْ بَعْدِ ذَٰلِكَ ۚ وَمَا أُولَٰئِكَ بِالْمُؤْمِنِينَ
තවද අපි අල්ලාහ් හා ධර්ම දූතයා ගැන විශ්වාස කළෙමු. තවද අපි අවනත වූයෙමු යැයි ඔවුහු පවසති. ඉන් අනතුරු ව ඔවුන්ගෙන් පිරිසක් හැරී ගියේය. ඔවුහු දේවත්වය විශ්වාස කරන්නන් නොවෙති.
وَإِذَا دُعُوا إِلَى اللَّهِ وَرَسُولِهِ لِيَحْكُمَ بَيْنَهُمْ إِذَا فَرِيقٌ مِنْهُمْ مُعْرِضُونَ
තවද අල්ලාහ් වෙත හා ඔහුගේ ධර්ම දූතයා වෙත ඔවුන් අතර ඔහු තීන්දු දෙනු වස් ඔවුන් ඇරයුම් කරනු ලැබූ විට ඔවුන්ගෙන් පිරිසක් පිටු පා යන්නෝ වූහ
وَإِنْ يَكُنْ لَهُمُ الْحَقُّ يَأْتُوا إِلَيْهِ مُذْعِنِينَ
තවද සත්‍යය ඔවුනට පක්ෂව පිහිටියේ නම් ඔවුහු යටත් වූවන් ලෙස ඔහු වෙත පැමිණෙනු ඇත.

Choose other languages: