Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #45 Translated in Sinhalese

أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُسَبِّحُ لَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالطَّيْرُ صَافَّاتٍ ۖ كُلٌّ قَدْ عَلِمَ صَلَاتَهُ وَتَسْبِيحَهُ ۗ وَاللَّهُ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ ද තටු විහිදුවා ගත් පක්ෂීන් ද නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ව සුවිශුද්ධ කරන වග නුඹ නොදුටුවෙහිද? තම නැමදුම හා සුවිශුද්ධ කිරීම ගැන සැබැවින්ම සෑම කෙනෙකුම දැන සිටියි. තවද අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَإِلَى اللَّهِ الْمَصِيرُ
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ් සතුය. තවද නැවත යොමුවන ස්ථානය අල්ලාහ් වෙතය.
أَلَمْ تَرَ أَنَّ اللَّهَ يُزْجِي سَحَابًا ثُمَّ يُؤَلِّفُ بَيْنَهُ ثُمَّ يَجْعَلُهُ رُكَامًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مِنْ جِبَالٍ فِيهَا مِنْ بَرَدٍ فَيُصِيبُ بِهِ مَنْ يَشَاءُ وَيَصْرِفُهُ عَنْ مَنْ يَشَاءُ ۖ يَكَادُ سَنَا بَرْقِهِ يَذْهَبُ بِالْأَبْصَارِ
අල්ලාහ් වලාකුළු සෙමින් ගමන් කරවා පසු ව ඒ අතර අමුණා පසු ව එය එකින් එක මත පිහිටන ඝන වලාකුළුක් බවට පත් කිරීම නුඹ නොදුටුවෙහි ද? එවිට ඒ අතරින් බැහැර වන වර්ෂාව නුඹ දකිනු ඇත. අහසෙහි ඇති (වලා) කඳු වලින් සීත හිම ඔහු පහළ කරයි. එවිට එය ඔහු අභිමත කරන අයට ලබන්නට සලස්වන අතර ඔහු අභිමත කරන අයගෙන් එය හරවා යවයි. එහි අකුණු එළිය දෘෂ්ටීන් පැහැර ගන්නාක් මෙන් වෙයි.
يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ
අල්ලාහ් රාත්‍රිය හා දහවල පෙරළයි. නියත වශයෙන්ම දෘෂ්ටීන් ඇත්තන් හට එහි පාඩමක් ඇත.
وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِنْ مَاءٍ ۖ فَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ بَطْنِهِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُمْ مَنْ يَمْشِي عَلَىٰ أَرْبَعٍ ۚ يَخْلُقُ اللَّهُ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
තවද අල්ලාහ් සියලු සත්වයින් ජලයෙන් මැව්වේය. එනම් ඔවුන් අතරින් උදරය මත බඩ ගා ගමන් කරන්නන් වෙති. තවද ඔවුන් අතරින් දෙපා මත ගමන් කරන්නන් ද වෙති. තවද ඔවුන් අතරින් සිව්පා මත ගමන් කරන්නන් ද වෙති. අල්ලාහ් අභිමත කරන දෑ මවන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

Choose other languages: