Quran Apps in many lanuages:

Surah An-Nur Ayahs #19 Translated in Sinhalese

إِذْ تَلَقَّوْنَهُ بِأَلْسِنَتِكُمْ وَتَقُولُونَ بِأَفْوَاهِكُمْ مَا لَيْسَ لَكُمْ بِهِ عِلْمٌ وَتَحْسَبُونَهُ هَيِّنًا وَهُوَ عِنْدَ اللَّهِ عَظِيمٌ
නුඹලාගේ දිවවල් වලින් නුඹලා එය දෙඩූ අවස්ථාව සිහිපත් කරනු. නුඹලාට කවර දෙයක් පිළිබඳ දැනුම නොමැත්තේ ද එය නුඹලා නුඹලාගේ මුඛවල් වලින් පවසන්නෙහුය. තවද නුඹලා එය සුළු දෙයක් ලෙස සිතන්නෙහුය. නමුත් එය අල්ලාහ් අබියස අති බිහිසුණුය.
وَلَوْلَا إِذْ سَمِعْتُمُوهُ قُلْتُمْ مَا يَكُونُ لَنَا أَنْ نَتَكَلَّمَ بِهَٰذَا سُبْحَانَكَ هَٰذَا بُهْتَانٌ عَظِيمٌ
නුඹලා එයට සවන් දුන් අවස්ථාවේ, ‘මේ ගැන අපි කතා කිරීමට අපට සුදුසු නොවේ. (අල්ලාහ්) ඔබ සුවිශුද්ධය. මෙය අතිමහත් අපවාදයකි යැ’යි නුඹලා පවසන්නට තිබුණා නොවේ ද?
يَعِظُكُمُ اللَّهُ أَنْ تَعُودُوا لِمِثْلِهِ أَبَدًا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා දේවත්වය විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් මෙවැනි දෙයකට නුඹලා නැවත කිසිවිටක එසේ හැරීමෙන් වැළැක්වීමට අල්ලාහ් නුඹලාට උපදෙස් දෙයි.
وَيُبَيِّنُ اللَّهُ لَكُمُ الْآيَاتِ ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
තවද අල්ලාහ් නුඹලාට එම වදන් පැහැදිලි කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; මහා ප්‍රඥාවන්තය.
إِنَّ الَّذِينَ يُحِبُّونَ أَنْ تَشِيعَ الْفَاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذَابٌ أَلِيمٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَاللَّهُ يَعْلَمُ وَأَنْتُمْ لَا تَعْلَمُونَ
නියත වශයෙන්ම විශ්වාස කළවුන් අතර අපචාරය පැතිරීම ගැන ප්රිය කරන්නන් වනාහි ඔවුනට මෙලොව හා මතු ලොව වේදනීය දඬුවමක් ඇත. තවද අල්ලාහ් දනී. නමුත් නුඹලා නොදන්නෙහුය.

Choose other languages: