Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #82 Translated in Sinhalese

أَيْنَمَا تَكُونُوا يُدْرِكْكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ ۗ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِ اللَّهِ ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَٰذِهِ مِنْ عِنْدِكَ ۚ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللَّهِ ۖ فَمَالِ هَٰؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලා හමුවට ළඟා වනු ඇත. නුඹලා බලවත් බලකොටුවක් තුළ සිටිය ද. (නබිවරය) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයාට සිදු වී ඇත්තේ කුමක්ද? ඔවුන් (ඔබේ) පුවත අවබෝධ කර ගැනීමට තැත් නොකරති.
مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللَّهِ ۖ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ ۚ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا ۚ وَكَفَىٰ بِاللَّهِ شَهِيدًا
(නබිවරය!) නුඹට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි. (යැයි පවසනු) තවද අපි නුඹ ව ජනයාට ධර්ම දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ ۖ وَمَنْ تَوَلَّىٰ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا
කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස යැව්වේ නැත.
وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِنْدِكَ بَيَّتَ طَائِفَةٌ مِنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ ۖ وَاللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. නමුත් නුඹ වෙතින් ඔවුහු බැහැර ව ගිය විට ඔවුන් අතරින් පිරිසක් නුඹ නොපැවසූ දෑ ගැන රාත්‍රිය පුරාම කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රියේ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ ۚ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا
අල් කුර්ආනය ගැන ඔවුහු පරිශීලනය කළ යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වූයේ නම් එහි ඔවුහු පරස්පර වෙනස්කම් බොහෝමයක්ම දකිනු ඇත

Choose other languages: