Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #57 Translated in Sinhalese

أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නොනමති.
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ ۖ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද? සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.
فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද? සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا
සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේදී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කළකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.

Choose other languages: