Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #59 Translated in Sinhalese

فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද? සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට ධර්ම ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ ۗ إِنَّ اللَّهَ كَانَ عَزِيزًا حَكِيمًا
සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි මතු දිනයේදී ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම කළකම, ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ වෙනුවට අපි ඔවුනට වෙනත් හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී; සර්ව ප්‍රඥාවන්ත ය.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ ۖ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වනාහි යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් වලට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු බිරින්දෑවරුන් වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.
إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ ۗ إِنَّ اللَّهَ كَانَ سَمِيعًا بَصِيرًا
පැවරුම් ඒවායේ හිමිකරුවන් වෙත භාර දෙන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ් ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක; සර්ව නිරීක්ෂක ය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ ۖ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللَّهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද නුඹලා අතර කටයුතු භාර උදවියට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෙහු නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම්, එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය.

Choose other languages: