Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #29 Translated in Sinhalese

وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ ۚ وَاللَّهُ أَعْلَمُ بِإِيمَانِكُمْ ۚ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۚ فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ ۚ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ ۚ وَأَنْ تَصْبِرُوا خَيْرٌ لَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
දේවත්වය විශ්වාස කළ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට නුඹලා අතරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ පාලන යටතෙහි සිටින (වහල්) කාන්තාවන් අතරින් නුඹලා සතු දේවත්වය විශ්වාස කරන වහල් කාන්තාවන්ගෙන් (විවාහය) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත, පතිවත රකින, ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන, එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තාවන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) යහ අයුරින් පිරිනමා නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබීමෙන් පසුව ඔවුන් දුරාචාරයේ යෙදුනේ නම්, එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිලිමත් ව කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය.
يُرِيدُ اللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත්, නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත්, නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය; සර්ව ප්‍රඥාවන්තය.
وَاللَّهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا
තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන්, නුඹලා සම්පූරණයෙන්ම (නොමඟට)නැඹුරු වීම අපේක්ෂා කරති.
يُرِيدُ اللَّهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ ۚ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا
(නීති රීති) සැහැල්ලු කිරීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබ ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ ۚ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ ۚ إِنَّ اللَّهَ كَانَ بِكُمْ رَحِيمًا
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විත විය.

Choose other languages: