Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #23 Translated in Sinhalese

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ ۚ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَىٰ أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللَّهُ فِيهِ خَيْرًا كَثِيرًا
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් උරුම කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් නුඹලා ගෙන යනු පිණිස (ඔවුන් විවාහයක් සිදු කර ගැනීමෙන්) නුඹලා ඔවුන් ව නොවළක්වනු. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) දෙයහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.
وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا ۚ أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا
භාර්යාවක ස්ථානයේ තවත් මාරු කරන්නට නුඹලා අදහස් කරන්නේ නම් ඔවුන්ගෙන් එක් තැනැත්තියකට නුඹලා ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා පැහැදිලි පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?
وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු සමග (විවාහ) සබඳතා පවත්වා ගෙන ගොස් තිබිය දී සහ නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ලබා ගෙන තිබිය දී නුඹලා එය (දුන් දෑ ) ගත හැක්කේ කෙසේ ද?
وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا
නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ නොකරනු. නමුත් පෙර පැවති සිදුවීම් හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරුය.
حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ اللَّهَ كَانَ غَفُورًا رَحِيمًا
නුඹලාගේ මව්වරුන්, නුඹලාගේ දූවරුන්, නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්), නුඹලාගේ මවගේ සහෝදරියන්, (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන්, සහෝදරියගේ දූවරුන්, නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන්, කිරි පෙවීම හේතුවෙන් වූ නුඹලාගේ සහෝදරියන්, නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් සහ නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ දූරුවන් නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) වෙත ප්‍රවේශ නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑවරුන් (ලේලියන්) ද පෙර පැවති දෑ හැර (මින් පසු), සහෝදරියන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය; පරම කරුණාභරිත ය.

Choose other languages: