Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #176 Translated in Sinhalese

فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُمْ مِنْ فَضْلِهِ ۖ وَأَمَّا الَّذِينَ اسْتَنْكَفُوا وَاسْتَكْبَرُوا فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًا وَلَا يَجِدُونَ لَهُمْ مِنْ دُونِ اللَّهِ وَلِيًّا وَلَا نَصِيرًا
දේවත්වය විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුනට ඔවුන්ගේ ප්‍රතිඵල ඔහු පූර්ණ ව දෙනු ඇත. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අමතර ව දෙනු ඇත. නමුත් හෙළා දැක උඩඟු වූ අය කලී ඔවුනට වේදනා සහගත දඬුවමකින් ඔහු දඬුවම් කරනු ඇත. ඔවුනට භාරකරුවකු වශයෙන් හෝ උදව්කරුවකු වශයෙන් හෝ අල්ලාහ්ගෙන් තොරව වෙනත් කිසිවකු ඔවුන් නොලබනු ඇත.
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمْ بُرْهَانٌ مِنْ رَبِّكُمْ وَأَنْزَلْنَا إِلَيْكُمْ نُورًا مُبِينًا
අහෝ මිනිසුනි! නුඹලාගේ පරමාධිපතිගෙන් සාධකයක් නුඹලා වෙත පැමිණ ඇත. තවද නුඹලා වෙත පැහැදිලි ආලෝකයක් අපි පහළ කළෙමු.
فَأَمَّا الَّذِينَ آمَنُوا بِاللَّهِ وَاعْتَصَمُوا بِهِ فَسَيُدْخِلُهُمْ فِي رَحْمَةٍ مِنْهُ وَفَضْلٍ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَاطًا مُسْتَقِيمًا
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුව තදින් ග්‍රහණය කර ගත් අය වූ කලී ඔහුගෙන් වූ දයාවෙහි හා භාග්‍යයෙහි ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. තවද ඔහු ඔවුනට ඍජු මාර්ගයෙන් ඔහු වෙත මඟ පෙන්වනු ඇත.
يَسْتَفْتُونَكَ قُلِ اللَّهُ يُفْتِيكُمْ فِي الْكَلَالَةِ ۚ إِنِ امْرُؤٌ هَلَكَ لَيْسَ لَهُ وَلَدٌ وَلَهُ أُخْتٌ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَا إِنْ لَمْ يَكُنْ لَهَا وَلَدٌ ۚ فَإِنْ كَانَتَا اثْنَتَيْنِ فَلَهُمَا الثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِنْ كَانُوا إِخْوَةً رِجَالًا وَنِسَاءً فَلِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ ۗ يُبَيِّنُ اللَّهُ لَكُمْ أَنْ تَضِلُّوا ۗ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. “කලාලා” (එකකුස උපන් සහෝදර සහෝදරියන්) සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක් සිටිය දී තමන්ට දරුවකු නොවූ තත්ත්වයක පුද්ගලයකු මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතුය. එමෙන්ම ඇයට දරුවකු නොවූයේ නම් ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන්ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතුය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන් වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (පංගුවක්) පිරිමියාට හිමි විය යුතුයි. නුඹලා නොමඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වඥානීය.

Choose other languages: