Quran Apps in many lanuages:

Surah An-Nisa Ayahs #134 Translated in Sinhalese

وَإِنْ يَتَفَرَّقَا يُغْنِ اللَّهُ كُلًّا مِنْ سَعَتِهِ ۚ وَكَانَ اللَّهُ وَاسِعًا حَكِيمًا
ඔවුන් දෙදෙනා වෙන් වන්නේ නම්, සෑම කෙනෙකුව ම අල්ලාහ් තම පහසුකම් තුළින් අවශ්‍යතා රහිත කරවයි. තවද අල්ලාහ් සර්ව ව්‍යාප්ත ය. සර්ව ප්‍රඥාවන්තය ය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ ۚ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ غَنِيًّا حَمِيدًا
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින්ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් පොහොසත්ය; ප්‍රශංසාලාභීය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
إِنْ يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ ۚ وَكَانَ اللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا
අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලා ව පහකොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.
مَنْ كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතුලොව කුසල් අල්ලාහ් අබියසය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.

Choose other languages: