Surah An-Nisa Ayahs #135 Translated in Sinhalese
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُوا اللَّهَ ۚ وَإِنْ تَكْفُرُوا فَإِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَانَ اللَّهُ غَنِيًّا حَمِيدًا
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. තවද නුඹලාට පෙර පුස්තක දෙනු ලැබූවනට ද, නුඹලාට ද, අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි සැබැවින්ම අපි උපදෙස් දුනිමු. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නෙහු නම් එවිට අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ් සතුය. තවද අල්ලාහ් පොහොසත්ය; ප්‍රශංසාලාභීය.
وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَكَفَىٰ بِاللَّهِ وَكِيلًا
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද අල්ලාහ්ට හිමිය. භාරකරුවකු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.
إِنْ يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ ۚ وَكَانَ اللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًا
අහෝ ජනයිනි! අල්ලාහ් අභිමත කරන්නේ නම් නුඹලා ව පහකොට (ඒ වෙනුවට) වෙනත් අය ගෙන එනු ඇත. ඒ කෙරෙහි අල්ලාහ් ශක්තිවන්තය.
مَنْ كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِنْدَ اللَّهِ ثَوَابُ الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَكَانَ اللَّهُ سَمِيعًا بَصِيرًا
කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරමින් සිටියේ ද එවිට (දැන ගනු) මෙලොව හා මතුලොව කුසල් අල්ලාහ් අබියසය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය; සර්ව නිරීක්ෂකය.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاءَ لِلَّهِ وَلَوْ عَلَىٰ أَنْفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ ۚ إِنْ يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًا فَاللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا الْهَوَىٰ أَنْ تَعْدِلُوا ۚ وَإِنْ تَلْوُوا أَوْ تُعْرِضُوا فَإِنَّ اللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا
අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලාට එරෙහි වුවද දෙමාපියන් හා සමීප ඥාතීන්ට එරෙහි වුව ද නුඹලා යුක්තිය ඉටු කරන්නන් ලෙසත් අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දරන්නන් ලෙසත් සිටිනු. ඔහු පොහොසතෙකු වුව ද දුගියකු වුව ද (කම් නැත) අල්ලාහ් ඔවුන් දෙදෙනාටම වඩාත් උචිතය. එබැවින් නුඹලා යුක්තිය ඉටු කිරීමෙහි මනෝ ආශාවන් පිළි නොපදිනු. තවද නුඹලා (සාක්ෂි( විකෘති කළ ද පිටුපෑව ද සැබැවින් ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.
Choose other languages:

Albanian

Amharic

Azerbaijani

Bengali

Bosnian

Bulgarian

Burmese

Chinese

Danish

Dutch

English

Farsi

Filipino

French

Fulah

German

Gujarati

Hausa

Hindi

Indonesian

Italian

Japanese

Jawa

Kazakh

Khmer

Korean

Kurdish

Kyrgyz

Malay

Malayalam

Norwegian

Pashto

Persian

Polish

Portuguese

Punjabi

Russian

Sindhi

Sinhalese

Somali

Spanish

Swahili

Swedish

Tajik

Tamil

Tatar

Telugu

Thai

Turkish

Urdu

Uyghur

Uzbek

Vietnamese

Yoruba
